පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වර්තමානයේ ගැටළු නිර්මාණය වී ඇත්තේ නිසි ක්‍රමවේදයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සදහන් කළේ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කඩිනමින් විසදිය යුතු ගැටළු ලබන දෙසැම්බර් මාසය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්‍ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
Neth