Friday, February 13, 2026
Follow Us
අද ගොඩබාන පෙට්‍රල් නැවට ශ්‍රී ලංකාව කෝටි 33 ක් ප්‍රමාද ගාස්තු ගෙවයි

අද දිනයේ ගොඩබෑමට නියමිත පෙට්‍රල් නෞකාවට ශ්‍රී ලංකා රජයට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 335 කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. එම නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත්තේ ඉකුත් 27 වනදායි. කෙසේවෙතත් ඊට නියමිත මුදල් නොගෙවීම හේතුවෙන් නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබුණා. එම නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබූ දින ගණන 51 ක්.

එම එක් දිනකට අමෙරිකානු ඩොලර් 18,000 ක ප්‍රමාද ගාස්තු ගෙවීමටයි ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම නෞකාවට ගෙවා ඇති සමස්ථ ප්‍රමාද ගාස්තුව අමෙරිකානු ඩොලර් නවලක්ෂ 18,000ක්.

ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් පසු මෙරටට පැමිණි නෞකාවේ පෙට්‍රල් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. පරීක්ෂණ අවසානයේ ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ අද දිනයේයි. නෞකාවේ ඇති පෙට්‍රල් තොගය මෙට්ට්‍රික් ටොන් 40,000 ක්.

පෙට්්‍රල් තොග ගොඩබෑමෙන් පසු අද පස්වරුව වන විට කොළඹ නගරයට බෙදා හැරීමටත් හෙට වන විට පිට පළාත්වලට ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ලංකා ෂධක්‍ සමාගම මෙරටට ගෙන්වූ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුවනවා. ඉන් අඩක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදීමට නියමිතයි. ඉන්දිය ණය පහසුකම යටතේ තවත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් හෙට මෙරටට පැමිණීමටයි නියමිතව ඇත්තේ.

(Neth)