Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ


පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් හෙට දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ අලුතින් පත්කෙරෙන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ අලුතින් ඇමතිවරුන් පත්වුණ විට ඔවුන් වැටුප් නොගැනීමටද තීරණය කර ඇති බවයි .

(Aruna)