Friday, February 13, 2026
Follow Us
වෙඩි තබන්න දුන් අවසරය ගැන රනිල් පාර්ලිමේන්තුවේදී පවසයි

හමුදාව හා පොලිසිය ඇර වෙඩිතියන්න අවසර තියෙන්නේ කාටද


සාමාන්‍ය ජනතාවට වෙඩි තැබීමට අණ දී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම නැවත්වීම මිසක් පිරිසක් දමා මෙය තවත් දරුණු කිරීමට අවශ්‍ය නොවුණු බවයි

තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අපට අවශ්‍ය වුයේ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම නැවත්වීම මිසක් පිරිසක් දමා මෙය තවත් දරුණු කිරීමට නොවේ.
සමහර මැති,ඇමති නිවාස විනාශ වී ඇති නමුත් එහිදී ද වෙඩි තැබීමට අණ දී නොමැත.
නමුත් අපෙන් විමසන්නේ මෙය සදහා ඇයි අණ දුන්නේ කියාය , නමුත් අප හමුදාවට හා පොලිසියට හැර වෙනත් කිසිදු පිරිසකට අණ දී නැත.
වෙනත් කිසිදු සිදුවීමකට අප අණ දී නොමැති බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ.

හෙතම මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසිය.

(Aruna)