ඉකුත්දා ඇතිවූ නොසන්සුන්තාවයෙන් අලාභ හානියට පත්වූ දේශපාලනඥයින්ගේ නිවාස රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. දේශපාලනඥයින්ගේ නිවාස එලෙස රජයේ මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වෙමින් පතිනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අතීතයේදී එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවද ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.
ඉකුත්දා ඇතිවූ නොසන්සුන්තාවයෙන් අලාභ හානියට පත්වූ දේශපාලනඥයින්ගේ නිවාස රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට සූදානමක් ඇති බවට විපක්ෂය කළ ප්‍රකාශයක් සමඟ පාර්ලිමේන්තුවේදී ද ඊයේ උණුසුම් වාදවිවාද ඇතිවුණා.
(Neth)