Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම සීමා කරනවාද? නැද්ද? තීරණය සඳුදා

රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

එම යෝජනාවලිය ලබන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි එම අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

එහිදී ගනු ලබන තීරණය අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කරන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙන බව ඔහු සඳහන් කළා.

රජයේ වියදම් අවම කර ගැනීම, දෛනිකව රාජකාරියට වාර්තා කිරිමේදී රාජ්‍ය සේවකයින් මුහුණපාන ගැටළු හා රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට වාර්තා කිරීම සිමා කළහොත් මහජනතාව මුහුණපාන ගැටළු යන කරුණු 03 ම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම පාර්ශව 03 ම සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ යෝජනාවලිය සකස් කිරීමටයි තීරණය කර ඇත්තේ. එය සකස් කිරිමේදී සියලු අමාත්‍යංශවල ලේකම්වරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ද අදහස් ලබාගැනීමට අපේක්ෂිතයි. කිසිඳු පාර්ශවයකට අසාධාරණයක් සිදුනොවන පරිදි එම ක්‍රියාවලිය සකස් කිරීමටයි අවදානය යොමුව ඇත්තේ.

(Neth)