උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රීය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නිවේනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම සහතික පිටපත් නිකුත් කිරීමට අදාළ LNG දත්ත පද්ධතියේ දෝෂයක් හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් දිවයිනපුරා උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ කටයුතු අක්‍රීය වී තිබේ.
එම පද්ධතිය යළි පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම සේවාව යථාතත්ත්වයට පත්වීමෙන් අනතුරුව ඉදිරියේදී ජනතාව වෙත දැනුම්දීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
(Aruna)