Friday, February 13, 2026
Follow Us
සා.පෙළ විභාග අපේක්ෂකයින්ට මුහුණු ආවරණ අනිවාර්ය නොවෙයි

කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින් කළ යුතු දේ


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන අවස්ථාවේදී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විභාග කොමසාරිස් එච්.ඒ.එන්.සී.ඒ. ජයසුන්දර සදහන් කළේ විභාග මධ්‍යස්ථානයට පැමිණීමේදී හා ඉන් පිටවීමේදී මුහුණු ආවරණ පැළදිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් මෙලෙස පැවසීය.

“විභාගය ලියන අවස්ථාවේදී හැරුණු කොට විභාග මධ්‍යස්ථානයට පැමිණීමේදී හා පිටවීමේදී මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි.
යම්කිසි අපේක්ෂකයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස තහවුරු වුවහොත් විභාගය ලියන්න පෙර, තමන් පාසල් ශිෂයෙක් නම් වහාම ඒ පිළිබදව පාසල් විදුහල්පතිවරයා හරහා ශාලාධිපතිවරයා දැනුවත් කළ යුතු වේ.
අපි ශාලාධිපතිවරුන්ට දැනුවත් කරලා තියෙනවා කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින් වාඩි කළ යුතු ආකාරය ගැන.
එම මධ්‍යස්ථායේම වෙනම කාමරයක විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”

(Aruna)