Friday, February 13, 2026
Follow Us
අද සිට යුද හමුදා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවල විහාරමහා දේවි උද්‍යානයේ දී ඇරඹේ

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර සිටිනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ සඳුදා සිට සෙනසුරාදා දක්වා වන දින 06 පුරාවට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අවුරුදු 20 සිට ඉහළ පුද්ගලයින්ට මෙහිදී කොවිඩ් එන්නත ලබාගත හැකි බවත්, අවශ්‍ය පුද්ගලයින්ට 04 වන කොවිඩ් මර්ධන එන්නත ලබා ගත හැකි බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

(Neth)