Friday, February 13, 2026
Follow Us
අග්‍රාමාත්‍ය කාර්‍යාලයයේ වියදම් සියයට පනහකින් කපා හැරෙයි

රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16කට කරපු දේ


අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක විසින් මෙම පියවර ගෙන ඇති බව යි සඳහන් වන්නේ.

මීට අමතර ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු ආපසු මුල් ආයතනවලට යවා ඇති බවත් වාර්තා වනවා.

මේ අතර, වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16ක් ද ආපසු බාර දී ඇති බව සඳහන්.

කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරිමට යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජනවාරි මාසයට අදාළ වියදම මිලියන 96යි

(Aruna)