Friday, February 13, 2026
Follow Us
ගෙදර ඉදන් වැඩ කළොත් පඩි කපනවා

රාජ්‍ය සේවකයන්ට කරන්න හදන දේ


රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව පැවසේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඒ බව කියා සිටියේය.

මේ මොහොතේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමාකරන ලෙස යෝජනා කරන පිරිස් මෙවැනි වැටුප් කප්පාදුවක් සඳහා එකඟතාවක් පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බව ද ලේකම්වරයා සඳහන් කළේය. යම් වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුප් ප්‍රමාණයම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම අසාධාරණ බවද ලේකම්වරයා සඳහන් කළේය.

(Aruna)