මැති ඇමතිවරුන් ගැන රජය ගත් තීරණය
දිවයින පුරා සිදු වූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු වී තිබේ.
ඒ අනුව ඔවුන්ට යලිත් නව නිවාස කඩිනමින් ලබා දීමට රජය තීරණ කර ඇති බව වාර්තා වේ.
තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස 100ක් ඉදි කරමින් පවතින අතර, ඒවා කඩිනමින් වැඩ අවසන් කොට නිවාස හානියට ලක් වූ මැති ඇමතිවරුන් හට ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
(Aruna)