Friday, February 13, 2026
Follow Us
බලශක්ති ඇමතිගෙන් ජනතාවට පොරොන්දුවක්

උග්‍ර ඉන්ධන හිඟය දින කිහිපයකින් අවසන් කරනවා


රට තුළ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යංශයේ බලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වන විට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බව අමාත්‍යවරයා ඒහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව අද (17) සිට ඉන්ධන බෙදාහැරීම කඩිනමින් ක්‍රමවත්ව කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

(Aruna)