Friday, February 13, 2026
Follow Us
අද සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි …

අද (17) වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මැයි 09 වනදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝල්ෆේස් විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්තාව හමුවේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කිරීම නිසා පාසල් පවත්වාගෙන යෑමට බාධා ඇතිවුණි.

කෙසේවෙතත් අද උදෑසන 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර පාසල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවිල මහත්මිය සඳහන් කරන්නේ.

(LNW)