Friday, February 13, 2026
Follow Us
ආර්ථකය ඉතාම දරුණු අතකට – අගමැති

ඉදිරි මාස කිහිපයේ දුෂ්කරම කාලයක්


ඉදිරි මාස කිහිපයේ දුෂ්කරම කාලයට මුහුණ දිමට ශ්‍රී ලංකාවට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශය කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ලංකාවේ ආර්ථකය ඉතාම දරුණු අතකට පත්ව ඇති බවයි.

එමෙනම 2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කරා.

අත්‍යාවශ්‍ය ඖෂධ 14ක් මේ වනවිට රට තුළ හිඟ වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එයින් ඖෂධ දෙකක් හෝ ගෙන්වා ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

 

(Aruna)