Friday, February 13, 2026
Follow Us
අත්‍යවශ්‍ය ආහාර මිල තවත් ඉහළට

ආනයනකරුවන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම


මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩගාරය ගෙන ඇති ඇතැම් තීරණ නිසා ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බව ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඊට අදාළ චක්‍ර ලේඛ අහෝසි කරන ලෙස ආනයනකරුවන් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. පසුව ගෙවීමේ පදනම මත අල, ලූනූ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය මෙම විසි වැනිදා අවසන් වීමට නියමිතය. එම ක්‍රමය නතර නොකරන ලෙස ද ඉල්ලා තිබේ.

දැනට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් ඩොලර් හිඟය හේතුනේ මුදා ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන් පෙන්වා දී ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා සොයා බැලීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති වජිර අබේවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන් අතර සාකච්ඡාවක් අගමැති කාර්යාලයේ පැවැති අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළි විය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ කඩිනම් වාර්තාවක් අගමැතිවරයාට භාර දෙන බවද වජිර අබේවර්ධන මහතා මෙහි දී අවදාරණය කර සිටියේය.

(Aruna)