Friday, February 13, 2026
Follow Us
අගමැති අද ජාතිය අමතයි

ආර්ථික අර්බුදය නිමා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග


අගමැති රනිල් වික්‍රමසිංහ අද (16 වැනිදා) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතය.

ජාතිය ඇමැතීම ඊයේ (15 වැනිදා) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණත් එය අද (16 වැනිදා) සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය. ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

(Aruna)