අමාත්‍යවරුන් 4 දෙනෙක් දිවුරුම් දෙයි
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් නව රජය යටතේ අමාත්‍යවරුන් 4 දෙනෙක් දිවුරුම් දී තිබේ.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම වෙනුවෙන් එම පත්කිරීම් සිදුකර ඇත.
ඒ පහත පදිරිය.
මහාචාර්ය ජී. එල් පීරිස් මහතා – විදේශ කටයුතු
දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන
ප්‍රසන්න රණතුංග මහතා – නාගරික සංවර්ධන හා නිවාස
කංචන විජේසේකර මහතා – විදුලිබල හා බලශක්ති
(Aruna)