Friday, February 13, 2026
Follow Us
අගමැති සඳුදා කරන්න යන දේ ?

අඛණ්ඩ වැඩ සතියක්


නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට (13) දැනුම් දී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙි අතර ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

(Aruna)