සුරාබදු දෙපාර්තමේන්තුව හදිසියේ ගත් තීරණය
වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වන දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ දැනුම් දෙයි.
(Aruna)