Friday, February 13, 2026
Follow Us
නව අගමැති ගංගාරාමයට

නව අමාත්‍ය මණ්ඩලයක්


අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කොට අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.

එමෙන්ම මාධ්‍යට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ

අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වීමට සූදානම් බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිය ගොඩගත යුතු අතර ඉදිරි මාස කිහිපය මීටත් වඩා දුෂ්කර වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත් මෙම තත්වයෙන් ගොඩ නැගීම වෙනුවෙන් තමා අගමැති ධුරය භාරගත් අතර තනිව එය කළ නොහැකි බවයි ඔහු කියාසිටියේ.

රුපියලට වටිනාකමක් දිය යුතු අතර යළිත් තුන්වේල කන ජාතියක් ගොඩනැගිය යුතු බව නව අගමැතිවරයා ප්‍රකාශ කළ අතර
නව අමාත්‍ය මණ්ඩලයක් ඉදිරි දින කිහිපය තුල පත්කරන බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම අමාත්‍ය ධුර ප්‍රමාණය පිළිබඳ තීරණය කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ගෝල්ෆේස් අරගල භූමිය පිළිබඳ මාධ්‍යවේදීන් මෙහිදී නව අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ කළ අතර ඔහු එහිදී ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ ගෝඨාගෝගම අරගල භූමියට අත නොතබන බවයි.

(Aruna)