හෙට සහ අනිද්දා විදුලි කැපෙන හැටි
විදුලි කප්පාදුව හෙට (13) සහ අනිද්දා (14) දෙදින සිදුකෙරෙන කාලය පිලිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබේ.
පැය 3යි විනාඩි 20ක කාලයක් අදාළ දින දෙක තුල විදුලි කප්පාදු කිරීමට නියමිත බවයි දැනුම් දී තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ ඇඳිරීනීතිය ඉවත් කරන්නේ නම් එම දින දෙක තුළ විදුලිය කප්පාදු කෙරෙන කාලය පැය 5ක් දක්වා දීර්ඝ වියහැකි බවය.
(Aruna)