Friday, February 13, 2026
Follow Us
සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පවත්වන බව දැනුම් දෙයි

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි ලබන 23 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසුවේ විභාග ප්‍රවේශපත්‍ර නිසි පරිදි බෙදා හරින ලෙස තැපැල්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන් වෙත ලැබෙනු ඇති. බාධාවකින් තොරව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා පොලිසීය හා ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. ඉදිරි දින කිහිපය තුල විභාග ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමටද නියමිතයි.

සිසුන්ගේ අනාගතය ගැන සිතා සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට සහය වන්නැයි කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

(Neth)