රෝහණ පුෂ්පකුමාරට සහ රංජිත් ආරියරත්නට ලැබුනු නව තනතුරු
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර තිබේ.
මේ අතර එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කර ඇත.
(Aruna)