Friday, February 13, 2026
Follow Us
ඇඳිරිනීතිය පැය 7කට ඉවත් කෙරේ

පස්වරු 2 සිට යලි ඇඳිරි නීතිය පැනවේ


දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 7.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි එය අද පස්වරු 2.00ට පැනවෙන අතර පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවය.

මහජන ආරක්ෂක අංඥා පනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකුලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය නව වන දින රාත්‍රී 7 සිට මුළුදිවයිනට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබීය.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භුමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටිමට තහනම් වෙයි.

(Aruna)