Friday, February 13, 2026
Follow Us
හිටපු ලේකම්වරු යළිත් එම ධූරවල

රටේ වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න ගත් තීරණය


ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ජනපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන ආරක්ෂක,ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් පත්කර ඇත.

ඒ අනුව ඊයේ (10) දින සිට මෙම පත්කිරීම බලාත්මක වන අතර මෙතෙක් එම ධූරවල කටයුතු කළ ලේකම්වරුන් නැවතත් එම ධූර සඳහාම පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන එම ධූරවලම තවදුරටත් කටයුතු කරනු ඇත.

යළි එම ධූරවලට මෙම පත් කිරීම් සිදුකර ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් ද අහෝසි වන බැවින් රටේ කටයුතු ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙනි.

(Aruna)