Friday, February 13, 2026
Follow Us
අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්

ඇඳිරි නීතිය කඩ නොකොට අරගලය කරන්නේ කොහොම ද?


ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ශබ්ද විකාශන පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙලෙස අරගලකරුවන්ට ඇසෙන සේ මෙම නිවේදනය විකාශනය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්

“මෙය ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන නිවේදනය යි. මහජන ආරක්ෂක පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව මැයි මස 6 වන දිනයේ සිට දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර තව ද, මැයි මස 9 වන දා සිට හෙට උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය ද පනවා ඇත. එබැවින් බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරත්වය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත. එබැවින් ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම පවත්නා නීතියට අනුව වරදක් බව ඔබට මෙයින් දැනුම් දෙමි.”

(Aruna)