Friday, February 13, 2026
Follow Us
කොළඹට හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක්

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක


කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යුද හමුදාව විසින් දියත් කර තිබේ.

සන්නද්ධ රථ යොදා ගනිමින් අද(11) උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාරයක් ආරම්භ කර තිබෙන අතර විශේෂ කාර්ය බලකා යතුරුපැදි කණ්ඩායම විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපන, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාර සිදු කරන බව යුද හමුදාව සඳහන් කරයි.

(Aruna)