Wednesday, February 04, 2026
Follow Us
හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වයි

බොහෝ රටවල මෙන් ශ‍්‍රී ලංකාවේද පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම තුළින් එම වනාන්තර කොටස් එක්වී ශාක හා සත්ත්ව ප‍්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කරන බවයි.

පාරිසරික වශයෙන් සංවේදී ප‍්‍රදේශ හඳුනා ගෙන ඒවා සංරක්ෂණය කර ආවේණික හා දුර්ලභ ශාක සහ සත්ත්ව විශේෂ රැක ගැනීම හෙට දවස වෙනුවෙන් අද දවසේ වගකීමක් බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ.

නිවර්තන ජීව විද්‍යාව හා සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) පස්වරුවේ මෙම අදහස් පළ කළා.

(Neth)