Friday, February 13, 2026
Follow Us
නිශ්ශංක සේනාධිපතිට රැඳවියෝ දීපු හැටි මෙන්න

බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්


වටරැක බන්ධනාගාර වැඩ කඳවුරෙන් වැඩ සහන ක්‍රමයට යොමු කර තිබු රැඳවියන් 58 දෙනෙකු 09 ඇතිවු කලහාකාරී සිදුවීම් අතරතුර පැන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසනවා .

මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය සඳහන් කලේ වටරැක බන්ධනාගාර වැඩ කඳවුරේ වැඩ සහන ක්‍රමය යටතේ රඳවා සිටින රැඳවියන් පිරිසක් 09 ජනතාව විසින් රඳවා ගෙන සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ සැරි සරණ බවත් නමුත් මෙය සිද්ධියට කිසිසේත් රැඳවියන් යොදා නොගත් බවත්ය.

එමෙන්ම අරගලය සඳහා පහර දීමට සිරකරුවන් යොදා ගත බවට පැතිරෙන පුවත අසත්‍යක් බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

(Aruna)