ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි
පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවේ අද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි.
ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මානව හිමිකම් කොමිසම පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි.
(Aruna)