පොලිස්පතිගෙන් CIDයට නියෝගයක්
සාමකාමී අරගලයක නිරත පිරිසට රජයට පක්ෂපාතී ආධාරකරුවන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.
(Aruna)