Wednesday, February 04, 2026
Follow Us
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ නම් දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජනාධිපතිවරණ සූදානම පිළිබඳව පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී එම දැනුම් දීම කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා එය පහසුවක් වන බැවින් දේශපාලන පක්ෂ වෙත එම දැනුම් දීම කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(Aruna)