Wednesday, May 06, 2026
Follow Us
හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දකුණටත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලයේ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙටින් (06) ආරම්භ වනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.

මෙම පළාත් කාර්යාලය මගින් දකුණු පළාතේ මෙන්ම දිවයිනේ සියලුම ප්‍රදේශවල පුද්ගලයින් සඳහා එක්දින සේවාව යටතේ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරෙන සියලුම ඉල්ලුම්පත්වලට අදාළ ජාතික හැඳුනුම්පත් සැකසීමේ කටයුතු ද මෙම කාර්යාලය මගින් සිදු කෙරෙනු ඇති.

(Neth)