Wednesday, February 04, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමතිවරුන් නොමැතිව ගැටළුවක

න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබූ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සදහා අමාත්‍යවරුන් නොසිටීම හේතුවෙන් අද (05) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න 15 ක් න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණද ඊට පිළිතුරුදීම සදහා අදාළ විෂයන් භාර කිසිදු අමාත්‍යවරයෙකු සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.

එම ප්‍රශ්නවලින් කිහිපයකට පමණක් යොමුකර තිබූ පිළිතුරු සභා නායකවරයා විසින් සභාවට ඉදිරිපත් කළා. එම අවස්ථාවේ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අමාත්‍යවරුන් නොපැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ අතර ඉන් අනතුරුව ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඒ පිළිබද අදහස් දැක්වූවා.

(Neth)