Wednesday, February 04, 2026
Follow Us
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වෙන බවට වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණි.

ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 වන දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේය.

(Aruna)