Wednesday, February 04, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට බතික්

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇත.

අද කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේය.

අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති බවත් ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවයි.

එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.

(Aruna)