Wednesday, February 04, 2026
Follow Us
මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් යළි අමාත්‍යධූරයන්වල දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලාඅස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.

අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හිදිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රිවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා සෙයිඩ් මන්ත්‍රිවරයා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.

(Neth)