Wednesday, February 04, 2026
Follow Us
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වෙයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වී ඇත.

ලබන සතිය දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.

එම හමුවේදී ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණවී ඇත.

(Aruna)