Wednesday, February 04, 2026
Follow Us
ප්‍රථම වරට "වේදනා පාලන" හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පළමු පාඨමාලා කණ්ඩායමට හෙද හෙදියන් 42 නෙක් ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙයවීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්,හදිසි ප්‍රතිකාරක හෙදියන්,ආසාදන පාලන හෙදියන්,ළමා රෝග පාලන හෙදියන් ආදී වෙනත් ක්ෂේත්‍රයන් ආවරණය කරමින් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රවනතාවට අනුකූලව මෙම පාඨමාලාව ආරම්භ කර තිබෙනවා.

(Neth)