ලබන වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇත.
අයදුම්පත් භාරගැනීමේ දිනය ජූලි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණ ද පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන එය තවත් සතියකින් කල්දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි.
(Aruna)