Monday, February 23, 2026
Follow Us
රට තුළ ප්‍රමාණවත් ඉන්ධන ඇති බවට ගම්මන්පිලගෙන් සහතිකයක්

රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව දින 27කට ප්‍රමාණවත් ප්‍රෙට්‍රල්ද, දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද පවතින බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් මෙරටට පැමිණි ඉන්ධන නෞකාවක් ආපසු හරවා යෑම සම්බන්ධයෙන් ඉකුත් දිනවල වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන්ද අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් පළ කළා.

(Neth)