Monday, February 23, 2026
Follow Us
රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථ සංශෝධනය වෙයි

රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.


මේ ගැසට් නිවේදනය මගින් විෂය පථයන් සංශෝධනය කර ඇත්තේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ,ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය ඇමතිවරුන්ගේය.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ට නව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදෙනු ලැබීය.

ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

(Aruna)