Monday, February 23, 2026
Follow Us
අගෝස්තු පළමු වනදා සිට පළාත් අතර සංචරණයට නව වැඩපිළිවෙලක්

අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර අගෝස්තු 01 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාවට නැංවීමට ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියේ බස්රථ සංඛ්‍යාව සීමා කර ඕනෑම අයෙකුට ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට අවධානය යොමුවී ඇති බවයි.

පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අද සිට අගෝස්තු 01 වනදා තෙක් අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත්, අගෝස්තු 01 වනදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමටයි තීරණය කර ඇත්තේ.

(Neth)