Monday, February 23, 2026
Follow Us
එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කෙරේ

මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබීමත් සමගයි. එම එන්නත් මාත්‍රා ලබන 22 වනදා මෙරටට ලැබීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුර, බදුල්ල, මොනරාගල, අම්පාර, පුත්තලම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් සඳහා මෙම එන්නත් යොදා ගැනීමට නියමිතයි.

ඊයේ ලැබුණු මොඩර්නා එන්නත් තොගය සමග මේවනවිට ශ්‍රී ලංකාවට එන්නත් වර්ග 05 කින් එන්නත් මාත්‍රා මිලියන 10 ක් ලැබී තිබෙනවා. තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 52 ක් ඉදිරියේදී මෙරටට ලැබීමටයි නියමිතව ඇත්තේ. චීනයේ නිෂ්පාදිත තවත් එන්නතක් වන සිනොවැක් එන්නත මෙරට භාවිතය සඳහා ඊයේ අනුමැතිය හිමිවුණා.

(Neth)