Monday, February 23, 2026
Follow Us
විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සදහා අයවැයේදී සහන

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.

කෙසේ වෙතත් විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මීට පෙරද මෙලෙසම සැලසුම් ක්‍රියාත්මක කෙරුණද එම වැඩසටහන් අසාර්ථක වූයේ එම වාහන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතුවූ ගැටළු හේතුවෙන්. විද්‍යුත් වාහන සඳහා අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම ඒ අතරින් ප්‍රධානයි.

(Neth)