අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ ඇතැම් රටවල් ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් පිළිනොගැනීමයි.
ඒ අනුව අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස්ගතවීමට සිටින පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර එම එන්නත අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් පෙර ලියාපදිංචිය අනිවාර්ය කර තිබෙනවා. අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන පුද්ගලයන්ට එන්නත් ලබාගත හැකි ස්ථානය හා දිනය දැනුම් දෙනු ඇත.
කෙසේ නමුත් චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් චීන රජය විසින් සයිනොෆාම් එන්නත නිර්දේශ කර ඇති අතර මේ වනවිටත් චීන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට එම එන්නත ලබා දී තිබෙනවා.
එන්නත් සඳහා ලියාපදිංචිය මෙම සබැඳියෙන්...
(LNW)