Saturday, April 25, 2026
Follow Us
ජාතික වනෝද්‍යාන අද සිට විවෘතයි

වනජීවි සංරක්ෂණ දෙපා​ර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික ව​නෝද්‍යාන අද (16 වැනිදා) සිට විවෘත කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවැසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී තිබෙන සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජාතික උද්‍යාන සහ ජාතික වනෝද්‍යාන විවෘත කෙරෙන බව ද ඇමැතිවරයා කීවේය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා (19 වැනිදා) සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

(Aruna)