Monday, February 23, 2026
Follow Us
කොවිඩ් හමුවේ සීමා කර තිබු කටයුතු කිහිපයක් සඳහා සහනයක්

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, ශාලාවන් තුල පවත්වනු ලබන සංගීත සංදර්ශණ පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

කෙසේ වුවත් එළිමහන් සැණකෙළි සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ.

(Neth)