Monday, February 23, 2026
Follow Us
පොටෑසියම් ආනයනයට ජනපතිගෙන් අවසර

පොල් වගාවට පොටෑසියම් නොමැතිකම ගැටලුවක්


පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

පොල් වගාවට පොටෑසියම් යොදා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබූ හෙයින් මියුරේට් ඔෆ් පොටෑෂ් ආකාරයට පොටෑසියම් ආනයනය කිරීමට අවසර ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර නයිට්‍රජන් සපයා ගැනීම සඳහා පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)